I දේශපාලන වාර්තාකරු
කොළඹ කුණු පුත්තලමේ කසළ අංගනයක තැන්පත් කිරීමට එරෙහිව රජයේ කැබිනට් අමාත්‍යවරයකුම උද්ඝෝෂණ මෙහෙයවන බවට චම්පික රණවක - මනෝ ගනේෂන් හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරැ පසුගිය කැබිනට් රැස්වීමේදී චෝදනා නැගූහ.
මෙය නැති අර්බුදයක් මවාපෑමක් යැයි පැවසූ එක් අමාත්‍යවරයකු මේ ඒකීය රට කුණු ප්‍රශ්නය මත ෆෙඩරල් කරගන්නට හදනවා යැයි චෝදනා නගා තිබේ. මෙහිදී රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා මේ ගැන තමන් දැනුවත් කර නැතැයි අමාත්‍ය චම්පික රණවකට පිළිතුරු ලෙස කීය. එවිට චම්පික පවසා ඇත්තේ තමන් අමාත්‍ය බදුයුදීන්ට මේ ගැන 17 වතාවක් කරුණු දක්වා ඇති බවත් ඔහු කැබිනට් මණ්ඩලයේ කියන්නේ අසත්‍යයක් බවත්ය. රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රශ්නයට මැදිහත් වෙමින් පැවසුවේ කොළඹ කුණු කඳු ගොඩ ගැසුණොත් තදබල ලෙස බෝවන රෝග පැතිරී යා හැකිය කියායි.